ඇබෑර්තු ඇත | Aberthu Etha - Harshana Jayasundara

ආලකමන්දාවේ ඇබෑර්තු ඇත නෘත්‍ය ශාලා මන්දිරේ

ඉහළ වේතන රාජ භෝජන 

නවාතැන් හා දුහුල් වස්ත්‍රද 

රැයක් රඟනා නාටිකාවට තවත් අමතර දීමනා ඇත 

සීහගිරි පර්වතය මුදුනේ ඈ රැඟුම් දුන් මණ්ඩපේ


ඇවිත් රජ පුරුෂයෝ මැදියම කුදලගෙන ගිය බවක් කියූවට

ඕවා සේරම කයි කතන්දර කැමැත්තෙන් ඈ ගියේ වාසල

තක්සලාවේ විජු ලතා නෘත්‍ය වීණා වාදිකා

මන්ද්‍ර ස්වරයෙන් ගී ගයන්නී සාල වනයේ ගෝපිකා


පැයක් පාසා පුහුණු සැසියකි පයක් ඔසවා යන ලතාවකි      

බයක් නැතුවම සිහින් තන පට රැයෙන් රැය ගැලවෙන කලාවකි 

තක්සලාවේ විජු ලතා  නෘත්‍ය වීණා වාදිකා 

මන්ද්‍ර ස්වරයෙන් ගී ගයන්නී සාල වනයේ ගෝපිකා 


සියක් අබරණ දුහුල් සළුපිළි ඉඩක් ලද මොහොතකදි ගලවා 

නෙළුම් නිලුපුල් මල් නෙලාගෙන පිදු අරංගල වෙහෙර වැන්දා

අප්සරා දැං මහළු වයසේ බැරිය ලාලිත කලා පෙර සේ  

තුදුස් දවසක් පුරා මැදුරේ ඈ දකින් නැති එකයි අරුමේ



Previous Next

نموذج الاتصال