හාදුවක් | Haduwak - Samanalee Fonseka

දෙනෝදාහක් ඇස් ඉදිරියේ

කවදාද දෙන්නේ 

මං උණුහුම් හාදුවක් 

කවදාද දෙන්නේ 

අපි උණුහුම් හාදුවක් 


පපුවට තුරුළු වී ඉන්නට

සොයා යා යුතුද

සැගවුනු කුටියක් 

කවදාද මේ ඇස් වලට

හාදුවක් නොවන්නේ 

සාපරාධී වරදක් 


ආදරෙන් සිපගන්න

පලදින්න ඕනමද මුදුවක් 

එහෙම නැත්නම්

මේ බඹසර බිදින්නට බැරිද 

හිතෙන මොහොතක බිදුවක්



Previous Next

نموذج الاتصال