තුහින ඉහිරෙන මේ සීතලේ
හීන අහුරක හිතම පැටලේ
මාව මට අමතක වෙලා
ජීවිතෙත් දැන් නැවතිලා...
නැවතිලා...
හීන් පොද වැස්සේ
එකම කුඩයක් අස්සේ
ගුලිවෙලා යන ගමන්
ඇහිදිමුද ආදරේ
ඉස්සර වගේ....
පණ ගැහෙනා හද මත්තේ
නුඹෙ ඔය ඇස් මයි ඇත්තේ...
හිරිකඩ වැටෙනා මේ සීතලේ...
ගුලිවෙන්න දෙනවාද
පපුතුරේ අනන්තේ....