මාගේ උරහිසේ මල් ටැටූ සිඹිමින්
රෑ පුරා අනුරාගයේ අනන්තය සොය සොයා
රහසේ කෙඳිරූ මල්සරා...
සඳ තරු පවා උන්මාද වූ
පෙම්සාර සිහිනේ වෙලී..
මල් කෙමි පවා හංකිති කවා
අනුරාග දැහැනේ බැඳී...
මට මා පවා අවනත නොවේ
ඔබගේම තුරුලේ වෙලේ...
දෙතොලේ පවා කොපුලේ පුරා
රැඳුනේ ඔබේ සුවඳ වේ...
රෑ නිදි වැරූ නෙත් යුග පවා
සෙව්වේ ඔබයි අවදිවී...
මා නෙත් වසා හදවත පුරා
රහසේම ඔබ වින්දා...