නුඹ නැතිව නුඹම එක්ක
හැන්දෑව ඇවිල්ලා
වෑ කණ්ඩියේ මෙතැනම
මා එක්ක නැවතිලා
අලුත් වැස්සෙන් වැහී - ගොහොරු මඩ වෑ පතුලේ
අලුත් මල් පූදනා..
සිරියාව වෑ තලේ - අලුත දැක්කා වගේ
බලා ඉමි තාමත්..
ගමන් තාලෙන් නැගී - අවුත් නිල රළ කැටී
ගමන් කෙලවර හැපී..
බිඳෙයි සුදු පෙනකැටි - ගමන ගිමනක් කිය
නොහිතාම ඉමී..