අපෙ ඇස් පිං කරලා ඇතී | Ape Es Pin Karala Athi - Pramoth Ganearachchi

ගිලිහී  යන ඔබගේ 

මතකය හරි සොඳුරුයි

නිහඬව සමුදෙන්නම්

මේ තනිකම හරි නුහුරුයි 

කුමක් කරන්නද මං

හිත ඉල්ලන්නෙත් ඔබ නම්

වසන්තයක් යලි ඇවිදින් 

ඔබ එනවද මාව සොයන් 


අපෙ ඇස් පිං කරලා ඇතී

හිත් පිං කරලා නැතී

දැක ගත්තත් දුරින් අපි

එක් වෙන්නට වරම් නැතී 

රැදෙන්න අවසර 

නැතිමුත් ඔබ ලන්ග 

තාම ආදරෙයි මං 

තාමත් ආදරෙයි මං


⁣හොඳම කාලෙ 

මගෙ ජීවිතයට දුන්

ඔයාට ස්තූතියි

කරපු ප්‍රාර්ථනා 

නිවැරැදි නම්

අපි අපේ තමයි ඇත්තයි


වාවගන්න බැරි 

කඳුලු වැටෙනකොට

හිත මගෙ නිශ්ෂබ්දයි

හැමදාම ඔයා ගැන 

හිතන්න හිතන්න 

දුක් විදි⁣න්නෙ මමමයි 


වෙන්වෙන්න කාරනා

නැති තැනක වෙන්වුනු

දවස් ඒවිදෝ

අපි ආයෙත් හමු වෙනා


අපෙ ඇස් පිං කරලා ඇතී..


මාව දෙවැනි කර

ඔබට දුන්නෙ මම

පිරිසිදු ආදරයයි

විනිවිද දකින්න 

හැකිනම් හදවත

ඒ හැගවෙයි සත්තයි 


අමතක කරන්න 

හැකිනම් මතකය 

හිතුනු වාර බෝමයි 

හැම දේම දරාගෙන

හුස්මගන්න හැටි 

මට මටත් මාව පුදුමයි 


වෙන් වෙන්න කාරනා

නැති තැනක වෙන්වුනු

දවස් ඒවිදෝ

අපි ආයෙත් හමු වෙනා


ගිලිහී  යන ඔබගේ..

Previous Next

نموذج الاتصال