ස්නේහ නිම්නය | Sneha Nimnaya - Dinidu Sudaraka

රුදුරු නිම්නයේ හැලුණු පෙති මත

දෙව්ලියක විත් පාවෙලා 

රිදුණු කඩතොළු පිරිමදා හද ආදරේ රස 

මිමිණුවා 

ප්‍රේම පිරිතක නිවෙන තනුවක ආදරෙන්  

මා සතපවා 

තනිවූ යහනක සුසුම් ගොන්නක ප්‍රේමයේ 

එළි දැල්වුණා 



මියුරු දැහැනක සමවැදී හද 

සීත ගඟුලේ කිමිදුනා 

අසනි වැස්සක තෙමුණු කතරක අරලියා 

මල් පිබිදුණා 

හදමතින් නුඹ ඇවිද ආ මග ස්නේහයේ 

දිය ගැල්වුණා 

ඈත සසරක මතක පිටුවක ලබැඳියේ නුඹ 

හිනැහුණා 



පබැඳි රහසක හුස්ම ගුලිකර 

ප්‍රේමියේ නුඹ හිනැහුණා 

ආදරේ ගී මිමිණුනා 

දෙව්ලියේ 

මගෙ පපුතුරේ නුඹ හිදිනු සදා...



Previous Next

نموذج الاتصال