වළා යහනක් නැවතිලා
වැහි පබළු සෙව්වා
කෝල අතු ඉති නැලවෙමින්
වස්සාන ගී කිව්වා
නුඹ ගැන සිතා සිත ආදරෙන්
ආදරෙන් පිරුණා
පෙම්වතුන් පිය මං කළ මඟේ
මඟ හැරුණු තැන් අහලා
නුඹේ සිනා අහුරක් හුරතලයෙන්
හිත පුරා දඟ පෑවා
නුඹ ගැන සිතා සිත ආදරෙන්
ආදරෙන් පිරුණා
සෙල් කුළුණු අද්දර නෙතු පියා
මල් හැලෙන හඬ ඇසුවා
නුඹ මා නිවා මුනිවත පුරා
විහඟුන් සෙමින් රැඟුවා
නුඹ ගැන සිතා සිත ආදරෙන්
ආදරෙන් පිරුණා