ඔබ | Oba - Senali Iddamalgoda

පාළු සීතල රෑට

මා සොයා ඔබ එන්න

කොපුල් වල ගැහෙනා තුරු 

ඇස් දෙකින් සිනාවෙන්න

සඳ දියට පැන

ගඟ සිඹින තැන

මඳ සිසිල දෙන

හද නිවන තැන

ඔබ


ලඟින් හිද මා අසල

පෙම් වදන් මුමුණන්න

උරහිසේ රැදුනු බර 

මගෙන් ඉවතට අරගන්න

රළ බිඳෙන තැන

ඉර හැරෙන තැන

රස පෙරා මීවිත 

මැවෙන තැන 

ඔබ


මගෙ කඳුළු වියැලෙන්න

සුසුම් වැසි වස්සන්න

හෙටත් මට මම වෙන්න

යලිත් මා හැර යන්න

සෙවනැල්ල වුව 

අත් හරින තැන

අත් නොහැර මා

සමඟ එන

ඔබ



Previous Next

نموذج الاتصال