ඉන්න ලඟ ආසයි
එන්න හිත පාලුයි
නින්ද නැති පාටයි
මතක ඔය දෑසයි
අල්ලගෙන අත්වැල්
නඟමු අපි හසරැල්
මැණික නුඹ එනකල්
මඟ බලමි හැමකල්
කලු කොණ්ඩේ සුදු පිච්චෙන්
මල් මාලයක් ගවසාලා
නැලවිල්ලේ ඉඟ පද්දන්
ඇස් මායමින් පුරවාලා
පා සියුම් තාලයකට තියලා
ඈ හෙමින් ඈතින් එනු දැකලා
පාලුවෙන් සේදුනු හදවත මා
ආදරෙන් ඒ මොහොතෙම පිරුණා
හිතම සැනසිල්ලේ ඔබ නිසා කෙල්ලේ
පොද වැස්සේ අත් අල්ලන්
ඔබ හා තෙමෙන්නට ඕනේ
හිත අස්සේ පෙම ඉල්ලන්
මගෙමයි කියන්නට ඕනේ
ආදරෙන් වෑහුනු හැන්ඳෑවේ
රෝස මල් හීනෙක ඔබ ආවේ
මේ යොවුන් ජීවිතයට මාගේ
වාසනාවත් අරගෙන වාගේ
හිතම සැනසිල්ලේ ඔබ නිසා කෙල්ලේ