නුඹ එක්ක රහසේ ලංවෙන්න පෙරසේ
හිත ආයේ හැගුමන් මවනා
සමුගත්ත දවසේ මා හින්දා නුඹේ දෑසේ
උණු කදුලැල් රූරා වැටුනා
පෙම්වන්ත පහසේ නුඹ ඇත්නම් සුවසේ
සගවන්නම් හැගුමන් මැවෙනා
සදවන් රැව අහසේ මැවෙනා විට මනසේ
නුඹ කෙතරම් මිහිරිද සිතුනා
මග හැරුණු පෙම්වතී නුඹමයි ආදර විජිතේ
ලෝකයේ ඇස් වසා හමුවුනේ අපි එදා
සදු ආයේ හිරු දකින තුරා
නැහැ නිමා රස කතා හැමවෙලේ ඉගිකලා
සුසුමන් පවා යාවුනා
නුඹ නැති සති අන්තේ කෙලෙසද මා ගෙව්වෙ
සිත තවමත් සොයනවා අදුරේ
දැනගෙනත් ආදරේ සමවන මහ සාගරේ
සිත් රිදවූ තරම් මා නුබේ
ඈ නිසා නුඹ ගියත් නුඹ වගේ නෑ කිසිත්
වැටහෙනවා දැන් මා කෙරේ
සැනසෙන්නම් තුරුලේ මතු උපදින බවයේ
හැරනොයමි යලි මේ ලෙසේ