රහස නුඹේ වෙනසයි | Rahasa Nube Wenasai - Ajith Sanjeewa Perera

රහස නුඹේ වෙනසට මම තව නෑ දන්නේ

අහස පුරා ඇඳි සෙනෙහෙ රටා බොඳ වෙන්නේ


හීන එකිනෙක වැටෙද්දී

පෑව හසරැලි මැකෙද්දී

නුඹම තව අතක පැටලී

හිනැහෙනා අයුරු දුටුවේ


රහස නුඹේ වෙනසට මම තව නෑ දන්නේ

අහස පුරා ඇඳි සෙනෙහෙ රටා බොඳ වෙන්නේ



මේ තරම් චෝදනා

මේ තරම් වේදනා 

හිමි වුනේ ඒ තරම්

ආදරේ කල නිසා...//


හිමි නැතත් ආදරේ

එක හිතක් නැති නුඹේ

දැන දැනයි පෙම් කළේ

වැරදුනේ ඒ නිසා...//


කඳුලු හිතේ සඟවා මා අද සමු දෙන්නම්

නොලද ⁣සෙනේ ගැන අහිතක් මතු නොසිතන්නම්


හීන එකිනෙක වැටෙද්දී

පෑව හසරැලි මැකෙද්දී

නුඹම තව අතක පැටලී

හිනැහෙනා අයුරු දුටුවේ


රහස නුඹේ වෙනසට මම තව නෑ දන්නේ

අහස පුරා ඇඳි සෙනෙහෙ රටා බොඳ වෙන්නේ


අහිමි වූවත් සදා

ඉන්න සතුටින් ඔයා 

සිතුව හැම දේ නොවේ

දෛවයයි මේ අපේ...//


දිනුම නුඹටම පුදා

පැරදුනත් මා මෙදා

නුඹ තවත් දන්නවා

ආදරේ මං කියා...


අහිමි නුඹේ ලඟ පැරදුනු  මසිත හඬාවි

නැවත ඉතිං හමු නොවනා බව ඉඳුරාවි

Previous Next

نموذج الاتصال