රිදුමන් ඔබට නොව මට වේවා
විඳවීම හුරුයි හොඳටම විඳලා
හදවත තියෙනා තැන ඔබ හිඳුවා
පෙම් කරමි සදාකල් මගෙ කියලා
මේ ජීවිතේ සතුටක් ඇත්නම්
ඒ ඔබ විතරයි භවයෙන් භවයේ
සතුටින් හිනාවෙන ඔය දෑසේ
දැකුමෙන් මගේ ඇස් වැහුනාවේ
ලැබුනොත් වරම් මට මේ සසරේ
නැවතත් ඔබේ වෙන්නම් ආයේ..//
එක වගේ හිත් නැති ලෝකේ
එක හිතින් පෙම් කෙරු මතකේ
දැක මගේ ඇස් දෙක රහසේ
දුක නිවයි හදවත ඇතුලේ
දෙනුවන් වැසී යන්න කලින්
මොහොතක් රැඳී ඉන්න ලඟින්
මං ආස හිනාව දිහා බලලා
ආසයි නවතින්න දෙනෙත් පියලා
ඔබගේ ලඟ මගෙ හදවත තියලා
යන්නම් දවසක හමුවෙමු කියලා...
සතුටින් හිනාවෙන ඔය දෑසේ
දැකුමෙන් මගේ ඇස් වැහුනාවේ
ලැබුනොත් වරම් මට මේ සසරේ
නැවතත් ඔබේ වෙන්නම් ආයේ..//