ඉවසිල්ලක් නෑ | Iwasilak Na - Sereeena Batagoda

ජීවිතේ නදියකි බැස යන

පාවෙනා සිතුවිලි එන තැන 

අහසෙ පොළොවේ කොතැනක සිටියත් 

එලියෙ අඳුරේ කොතැනක හෙව්වත් 

ඉවසන්නට වෙයි කාලයමයි පිළිතුරු 

මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු 


ඉවසන්නම බැරි දේවල් ඉවසන්නම බෑ හිතුවට 

ඉවසන්නම වෙනවාමයි හොඳ දේකට 

ජීවිතයම ජයගන්නට ඉවසන්නම වෙයි හොඳටම 

ඉවසන්න සන්න හරි ලේසියි හැම දේටම 


සාගරේ වැනි සිතුවිලි රළ මත 

ජීවිතේ ඔරුවකි පැද යන 

කන්දෙ ලන්දේ සයුරේ වෙරළේ 

හිම කතරේ හා වැලි කතරේ 

හිටියත් ඉවසන්නට වෙයි නිරතුරු 

මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු



Previous Next

نموذج الاتصال