සේයා රූ | Seya Roo - Pasan Karunarathne

සේයා රූ  පිරූ නුඹේ 

මායා වේ  ඇලී ගතේ 

මා පෑරූ  අතීතයේ 


හදවතක් තිබුණා මටත් 

හදවතක් - හදවතක් තිබුණා  මටත් 


ඇසේනම් ඉවසන්න සොඳුරේ - හිතක් නෑ පාරන්න නම් 

බිඳක්වත් අමනාප නොදැනේ -කමක් නෑ නාඬන්න දැන් 

මගේ නම සඟවාන සයුරේ - ඉගිල් ලී ලිහිණියෙකු මෙන් 

දමා මා හැමදාම අඳුරේ - නුඹත් පලයන් අහස ආන් 


හදවතක් තිබුණා මටත් 

හදවතක් - හදවතක් තිබුණා  මටත් 


මනෝමල් පරවෙන්න පෙරදා - හැඩූවත් නුඹගේ නමින් 

මවාගත් නියතයක් හමුවේ - මොළොක් වී කිමදෝ ඉතින් 

විශාකා නුඹවෙන්න ඔහුගේ - මමයි ගින්දර ගෙට නොගත් 

සදාකල් හිනැහෙන්න මිහිරේ - මතකයන් වළලා ගිහින් 


හදවතක් තිබුණා මටත් 

හදවතක් - හදවතක් තිබුණා  මටත්



Previous Next

نموذج الاتصال