ආදරේ පණ වගේ | Adare Pana Wage - Rukshan Madushanka

ඉතින් සමුගෙන යන්න

නුඹට සතුටක් නම්

ආයෙ පෙර වාගෙ ඉන්න

අපිට බැරිවෙනවා නම්

මේ පපුතුරේ.. හිමි තැන නුඹේ..

වෙනසක් නොවේ වැටෙනා තුරු හුස්ම මේ


මග බලනා - නෙතු තෙමෙනා

දින සති ගෙවුණා

දුරට වෙලා - නුඹ සිටියා

මතක නැති ලෙස මා

ආදරෙ පණ වගෙ පිදු හින්දා

මේ හිත මෙරකට දුක ලැබුවා

ඈතට වෙන්නට මා හැරදා

හේතු හොයනවා තාමත් මා


නුඹට එහා - කෙනෙකු සොයා

නෑ ගියේ කිසිදා

දිවිය පුරා - නුඹම තමා

පැතුව එකම කෙනා

ආදරෙ පණ වගෙ පිදු හින්දා

මේ හිත මෙරකට දුක ලැබුවා

ඈතට වෙන්නට මා හැරදා

හේතු හොයනවා තාමත් මා



Previous Next

نموذج الاتصال