ආදර අම්බරේ | Adara Ambare - ILLUMINATE

දෙනුවන් වසා ප්‍රේමේ පතා

පියඹා විහඟුන් ගුවනේ පවා


දෙනුවන් සොයා හිත හැර දමා 

පියඹා සිටිනා දෙස බලා 


දෙනුවන් පිය මා සිත් සනසනා

හැගුමන් මාගේ ලොව කලඹනා


ඈ හමුවූ මුල් දිනේ 

පිරුණා සිත ආදරෙන්  

ජීවේ මාවතක් සොයා 


ආදර අම්බරේ

ඔබ හා විදි ආදරේ 

සෙව්වා පෙම් හැඟුමන් පවා


ජීවේ ගෙව් තාලයේ

සැරිසරා පෙම් මාවතේ

කලාවක් වේ දෝ ආදරේ


ආදරේ.........


අතීතේ හැර දමා

සිනාසෙන මග කියා

සිහිලැල් පෙම් සිතුවම් මවා


ජීවේ එය කියා 

මුලාවට පත් වෙනා

නොමයන් මිරිඟුව පසු හමා


සිහිනේ බිඳ දමා ගියත් මා හැර දමා

කිසිදා නොදෙනෙම් සමා


ඈ හමු වූ මුල් දිනේ 

පිරුණා සිත ආදරෙන්  

ජීවේ මාවතක් සොයා 


ආදර අම්බරේ

ඔබ හා විදි ආදරේ 

සෙව්වා පෙම් හැඟුමන් පවා


ජීවේ ගෙව් තාලයේ

සැරිසරා පෙම් මාවතේ

කලාවක් වේ දෝ ආදරේ

Previous Next

نموذج الاتصال