බිඳගෙන යමු | Bindagena Yamu - Senaka Batagoda

බිඳගෙන යමු එන භාධක කරදර 

සැනසුම එය වේ නෑ දිවියට බර 

වෙහෙසක් විය හැකි නම් මිනිසුන් වෙත 

පහසක් දෙන දේ ඉද දුර ඈතක 


අන්ධ නොවී ගොඩ එමු එක විලසට 

බැන්ඳ සෙනෙහේ එය වේ 

අන්ධ කාරයක මේරූ  මෙන් දස අත 

යන්න නොදී බැඳගමු එක විලසට 


ඇති තැන ඇති වී නැති තැන නැති වී 

බැලූ බැලූ තැන වෙනසක් ඇත දිවයන 

උපදී මිය යන මිය ගොස් උපදින 

කෙළක් නොමැති සිතුවිලි ගොනු අතරේ 

අත් තටු ගිලිහී ඉගිලෙන්නට බැරි 

ප්‍රාර්ථනා සිඳබිඳ දා ගිය මුත්

අඳෝනාව මැද සතුට ගලා එයි 

නිදි නැති ජීවය නුඹව බලනු ඇත


අන්ධ නොවී ගොඩ එමු එක විලසට 

බැන්ඳ සෙනෙහේ එය වේ 

අන්ධ කාරයක මේරු මෙන් දස අත 

යන්න නොදී බැඳගමු එක විලසට


වැටි වැටි නැඟිටින බිළිදුන් සේ ලොව 

නැවතත් අපි නැගිටිමු  ඒ විලසට 

සිහින ලොවේ දුටු දේ ලැබ ගන්නට 

දෙපා තබමු ඒ ලොව රැකගන්නට


අන්ධ නොවී ගොඩ එමු එක විලසට 

බැන්ඳ සෙනෙහේ එය වේ 

අන්ධ කාරයක මේරූ  මෙන් දස අත 

යන්න නොදී බැඳගමු එක විලසට



Previous Next

نموذج الاتصال