පොඩිනෝ | Podino - Sanduni karunarathna

වේලුනු කරඹ ඉත්තක එල්ලී හඩනෝ

රැලි උනු හැට්ට කම්බා සුළඟේ හරිනෝ

ජිවිත ඉත්ත මඩ ගොහොරුවෙ ගිල්ලන්නෝ

ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ


ඉවසා නුඹ දුන්නු ආලය දසමාසේ

ඉකි ගා හඩමු හිත දියකර රෑ මැද්දේ

ඒ කදුලින් වැඩෙයි ඌ සත් අවුරුද්දේ

නුඹ දැකගන්ට විතරයි මං පා ඇද්දේ


ගල්වල හැපී පොඩි පට්ටම් වෙනු ඇහුනා

හාදු දුන් නළල පුලුරා පෙම ගැලුවා

රත්වුනු යකඩ නුඹෙ අයිතිය උඩ නැටුවා

හුස්මට කලින් උන් මගෙ හදවත මැරුවා


නම්බු නාම නැති උන් අපි හීන් කුලින්

නුබෙ රාගින්න  සෝදාගමි පහල දොලෙන්

නුබෙ එක බැල්ම මරණයෙ කෙලවර දෙවටින්

උනත් නුඹ අදිමි සෙංකොට්ටන් කහටින්



Previous Next

نموذج الاتصال