වාරම් පදය ට තාල තියන්න ට
ඔංචිල්ලා බැඳි දොඹ අත්තේ
බටිති කුරිල්ලෙක් කිචි බිචි ගානවා
රබන් සුරල් වැයෙනා අස්සේ
අහස පොලොව මැද මැද බුදු වුනු මිනිස්සු
අපට කිව්වේ හිරුදෙවිඳුගේ මිනොස්සු
කන්දෙන් ලන්දෙන් දුව පැන ගෙන එන
කොල්ලෝ කුරුට්ටන් රැල මැද්දේ
ළමිස්සියක් කිංකිණි හඬ තලනවා
අත්තම්මලා ඔරවන අස්සේ
කජු පුහුලං රත එබිකම් කරනවා
සෙලවෙන නැළැවෙන කොල අස්සේ
අවුරුදු කුමරුන් ගම රට වඩිනවා
කොණ්ඩ කැවුම් සුවඳක් මැද්දේ