අවුරුදු අසිරි මනාවා | Awurudu Asiri Manawa - Thusith Simpson & Dinendra Jayaweera Bandara

වාරම් ඔන්චිල්ලේ..

මායම් රූ වරුනා..

පානා ඔමරි සිනා..

කෝලම් කවට කතා..

ගම්මානේ......

අවුරුදු අසිරි මනාවා...

තන තම්දන තම්දෙන තම්ඳේ..

වාරම් කවි කියන ලඳේ..

තම්දන තම් දාන තනේ..

රන් වන් රන් රූ වරුනේ


කුරහන් රන් වැදිලා

වී අටු කොටු පිරිලා

ගම සිරියෙන් සරු වී

එරබදු රතු පිපිලා..

කෙලිලොල් සිනා ඇසෙන්නේ..

අවුරුදු නැකත වඩින්නේ..

තන තම්දන තම්දෙන තම්ඳේ..

වාරම් කවි කියන ලඳේ..

තම්දන තම් දාන තනේ..

රන් වන් රන් රූ වරුනේ..


වාරම් කවි කියා උඩ යන ඔන්චිල්ලා ..

මයෙ රන් මැණික රැක දෙන දෙවියෝ පල්ලා..

සිදාදියේ නෑ,නුඹ වගේ රුවක්..

මෙදා වසන්තේ,ගමටම සිරියක්...



Previous Next

نموذج الاتصال