කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ //
මායා දේවිය මව්පියො දැකුමට
සපිරිවරා යන අතරමඟේ
ලුම්බිණි සල් උයනේ සිරි දැකුමට
ආශා ඇතිවිය පින් මහිමේ
අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා//
මොණරු(m) බමරු(f) එකට(m) නටති(f)
ප්‍රීතියෙන් පිනා පිනා//
මායා දේවිය..
කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්//
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්//
පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී//
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ