කියාගන්නට බැරිව ලතවුණ සුන්දරව ලියු පෙම් කවක්
ඩෙස් බංකු වල පඩිපේලි වල රැඳුණු මහමෙර ප්‍රේමයක්
දලුදමා වැඩෙමින් තියෙද්දී උදුරලා ගෙන මා අතින්
රැගෙන ගෙන ගිය දුර වැඩියි අද දෙතැන වී අප රැය පහන්..
නමුණුකුල පිස එන සුළඟ අද අප නැතිව ඇත තනිකමින්
සරසවිය වුව දැනන් හිටියා හමු නොවන බව අප පෙමින්
දුරස් වුණ දවසේ පටන් අප බිඳීගිය ඒ මතකයෙන්
දුරස් වන්නට දෙන්නෙපා යළි තෙලිතුඩෙන් හෝ ආදරෙන්..
හමුවේවි යැයි රවට්ටන සිත යළි මටම දොස් පවරමින්
මතක් වෙන්නෙම සුන්දරම මුව මඬල නුඹගේ සිනාවන්
මක් කරන්නද මිහිරියේ අප වෙන්වෙලා ගොස් දෙතැන දැන්
නුඹත් මා මෙන් ලියනවා කවි හොඳින් එය දන්නවා මං..