නැලවිල්ලේ මතකේ | Nalaville Mathake - Ravi Royster

මහ පාරේ ගමනේ ආ දා

දුවිල්ලේ කඳුලේ සේයා

නැලවිල්ලේ මතකේ 

සැමරැම් පා කරලා


පණ වාගේ අම්මේ නාඩා

සැනසිල්ලේ සුසුමේ තවරා

හිනහෙන්නේ දිවියේ 

සරදම් මා සනසා


ළඟ වාගේ දැනුණා මාගේ

නුඹ නෑනේ උන්නේ අම්මේ

මැකුණා ඒ අදුරේ ආයේ

හිත පෑරේ තිස්සෙ ම අම්මේ


ළඟ වාගේ දැනුණා මාගේ

නුඹ නෑනේ උන්නේ අම්මේ

මැකුණා ඒ අදුරේ ආයේ

හිත පෑරේ තිස්සෙ ම අම්මේ


නෑ චෝදනා

උකුලේ මා හෙවා

පෑ ස්නේහයේ

නුඹ අම්මා ම නිසා 


නෑ චෝදනා

උකුලේ මා හෙවා

පෑ ස්නේහයේ

නුඹ අම්මා ම නිසා


දරු ප්‍රේමේ ගැඹුරේ ඡායා

නුඹ මත්තේ අහසේ පායා

මතු වාරේ සසරේ 

නැවතුම් යා වේවා 


ළඟ වාගේ දැනුණා මාගේ

නුඹ නෑනේ උන්නේ අම්මේ

මැකුණා ඒ අදුරේ ආයේ

හිත පෑරේ තිස්සෙ ම අම්මේ


ළඟ වාගේ දැනුණා මාගේ

නුඹ නෑනේ උන්නේ අම්මේ

මැකුණා ඒ අදුරේ ආයේ

හිත පෑරේ තිස්සෙ ම අම්මේ



Previous Next

نموذج الاتصال