ප්‍රේමයේ චාරිකා | Premaye Charika - Isuri Upeksha & Tharindu Damsara

මියුලැසි සත්පාට උන්මාද රසගන්වනා

මිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදා

ගෙවනා ප්‍රේමයේ චාරිකා

සෙවනැල්ලෙ පවා රැදෙනවා

තාරුකා මල් පිපේනා රැයේදී පවා

නුඹ මගෙමයි කියා හිතෙනවා


පිනි පොදේ මල් තුහින නිම්නේ

විදිමී දෙකොපුල් මේ සීතලේ

ඇන්ද නෙක පෙම් හීන අරණේ

සිතුවමේ රූ ඔබමයි ප්‍රියේ


ගැස්සෙනා ඇස් හීන අතරේ

බැල්මන් පවා කෝලයි මුවේ

නිම්නයේ රැස් කැල්ම විහිදේ

මා හදේ පෙම් මල්වැල් එතේ



Previous Next

نموذج الاتصال