චාරූ | Chaaru - Jayathu Sandaruwan

 නිදුක් සුව පතා මතක් කර ඔයා 

කලේ දිනපතා මං සිතින් භාවනා

ළඟින් ඔබ තියා හිසත් අත ගගා 

ඔබේ රුව බලා මං හුඟක් සැනසුනා


නුඹ ඉරුවත් හිත මේ තීරූ 

සුව නොවුනත් හදවත හීරූ 

මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ//


කැමතියිද අහපු මුල් දවසට ආයේ දුවමු

ඒ කාලේ වවපු ගස් වල මල් ආයෙත් කඩමු 

සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා

හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා


නැවතීමේ ළකුණු මතකයි ඔබ මට ඉඟි කරපු

සංසාරේ පුරුදු හින්දා නෑ යන්නට පහසු 

සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා

හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා



Previous Next

نموذج الاتصال