දේවියයි ප්‍රේමයේ නුඹ මගේ
ස්නේහයේ උපන් ආදරෙ අගේ
නුබේ නොවෙනා ප්‍රේමයයි නුඹ මගේ
සීතාවීයේ හදවතින් නුබ කාගේ
පරම පිවිතුරු ආදරේ හැඟුමන්
පතා ආ සසරේ නුඹේ රාමයන්
මටම නොහැඟෙන ආඩ්ගරේ අභිමන්
පුදකලේ මා හැමදාම රහසින්
ආදරෙන් නුබ සුරැකි පතිවත් ප්‍රේමයේ
සැකය මතුදා විමසුවේ ඇයි රාගයේ
රාම පිවිතුරු රජුද නොහැඟෙයි දේවියේ
රාවනා වෙමි නිහඬ සටනක ස්නේහයේ