නින්ද නේන රාත්‍රියේ | Ninda Nena Rathriye - H.R.Jothipala

නින්ද නේන රාත්‍රියේ

මේ පාළු කාන්සියේ...

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ...


කුමුදූ කුමාරියේ

ඔබ නිදනා යහන් තලේ...

කවුළුව සමීපයේ

මම ඉන්නෙම් පවන් දැලේ...

ඉඳුනිල් නුවන් පියා සැතපෙම්

රෑ නිසංසලේ...


අරුණෝදයේ ඔබේ

නෙතු සඟලේ කැළුම් සලා...

සූරිය පෙරම්බරේ

දිනූ අයුරින් සිනාසිලා...

සෙනෙහේ විජිනිපතින් සනහන්

මට පවන් සලා...


නින්ද නේන රාත්‍රියේ...



Previous Next

نموذج الاتصال