ඔය නෙතු මා දුටු දින පෑ
හසරැල් කෝලකම්
යළි එන්නෑ යළි එන්නෑ කිසිදිනකදි
මා සොයාලා.//
දැසේ ඉනාවෙන් නුඹේ හිනාවෙන් මන් මත් වී....
නුබෙ ආදරෙ මතක් වෙද්දි දැස ආයෙ කදුලින් තෙත් වි...
එන්නෙ නැ ආයෙ නුබ නුබෙ දේහෙ චිතකෙ දැවේවී...
මතකයි පටන් ගැන්ම අපි පාසල් කාලයේදි හමු වී...
එදා ලස්සන දවසක් වැටුනා පිනි වැස්සක්..
ඉස්සර කරගෙන ආවෙ දාන්න තමයි මනමාල කැස්සක්....
දගකාරකමටයි බැල්මක් දැම්මෙ මමත් පෙන්නලා දස්කම්...
රගපෑමක් නෙවෙයි ඇරභීමක් වුනෙ ලස්සන ආලකතාවක්...
මතකයි පාසල් මාවතේ අපි දැගිලි පටලන් ගිය හැටි....
ගේවී ගියා හරීම වේගෙන් පාසල් කාලේයි මතක වැඩි....
හන්තානෙ අඩ අදුරෙ සරදම් අවසාන මතකෙ ඇති...
කාලෙත් එක්ක නුබත් ගියා මාරයත් එක්ක උරෙනුර ගැටී...
දැක්කා ගොඩක් හීන තනන්න ලස්සන මාලිගාවක්...
නුඹේ බැනුම් ජීවිතෙ පාර කියා දුන් මාලිමාවක්..
යන්නයි හිතන් හිටියෙ වසර ගනනක චාරිකාවක්
හරස් උනා ආදරෙට මාරයා මින්පසු දුක්බර කතාවක්...
ඔය නෙතු මා දුටු දින පෑ
හසරැල් කෝලකම්
යළි එන්නෑ යළි එන්නෑ කිසිදිනකදි
මා සොයාලා.//
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා සතුටින් වසර 9ක්...
උදා උනා අදුරු දවසක් කදුලින් තෙත්වෙන මුසල සවසක්..
එත් දන්නෙ නැ මන් තවමත් හරි හැටි වුයෙ මක් කියාවත්...
දන්නෙ එකම දෙයයි එදිනෙන් පසු මගෙ නැ ගතෙහි ක්‍රියාවක්....
නුඹෙ හිනාවෙන් කතාවෙන් ඉස්සර මැකුනා මගෙ තනිකම...
දැක්කා කාලෙත් එක්ක නුඹෙ බෙහෙතට ඇති මැලිකම...
කියනා දෙ නොඅසමින් ඉස්සර වුයෙ හිතුවක්කාරම...
සිතුනෙ නැ නොලැබෙවි කියා දකින්න ආයෙ දගකාරකම....
නුබෙ ඇස් වලින් දැක්කෙ මම ලොකු වේදනාවක්...
නුඹ නුබටම කරගමින් දැඩි චොදනාවක්...
දරගන්නට නොහැකිව තිබු හැම වේදනාවන්...
සමුගන්න තිරනය කලෙ ඇයි දාලා මාවත්..
මෙක රැවටීමක් නෙවෙයි ආදරෙ පැරදිමක් වෙමින්...
අවසන් උනා කතාව නුබෙයි මගෙයි කදුලු මතින්...
මෙලෙසින් සමු ගැනිමද හිමි වුනෙ මේ බවෙන්....
තිතක් නෙවෙයි කමාවක් දැම්මෙ නුබෙයි මගෙයි නමින්...
ඔය නෙතු මා දුටු දින පෑ
හසරැල් කෝලකම්
යළි එන්නෑ යළි එන්නෑ කිසිදිනකදි
මා සොයාලා.//