නෙතු පියෙනා හැම මොහොතක
ලග රැදෙනා සිතුවිල්ලක
හිත හොයනා දුර පැතුමක
නුඹ හිටියා හැම හුස්මක
නුඹ හිටියා හැම හුස්මක
කදුළු කතා සුසුම් වලට
ඉඩක් නැතී හිතේ
නුඹව පතන අරුම තවම
දන්නෙ නැහෑ වගේ
හුස්ම වැටෙන තුරාවට
හිදින ජීවිතේ
අරන් ගිහින් තියා ගන්න
කොහොම හරි හිතේ
කොහොම හරි හිතේ
හමුවෙන නෙතු දස දහසක්
යනෙන මන් පෙතේ
නුබ විතරයි හිත උන්නේ
ඇත්තටම වගේ
මතක සිහින කිය වෙන ඔය
සොදුරු කවි පොතේ
මගේ නමත් ලියගන්න
සදහටම වගේ
සදහටම වගේ
නෙතු පියෙනා හැම මොහොතක
ලග රැදෙනා සිතුවිල්ලක
හිත හොයනා දුර පැතුමක
නුඹ හිටියා හැම හුස්මක
නුඹ හිටියා හැම හුස්මක