සැමරුම් සේනා | Samarum Sena - Harshadewa Ariyasinghe

රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේ

හිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේ

දැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේ

පණ සේ රකිමී සැමදා ඒ ආදරේ...


සැමරුම් සේනා

රිදවුම් ගේනා

හදසන්තානේ

කතරක් සේමා...


දරා විඳවමී නොකියමී

හදේ සෝ තැවුල් අහුරමී

අතීතේ පෙමින් අවුළුවා

දැවී මියයමී යළි යළී...


සැමරුම් සේනා

රිදවුම් ගේනා

හදසන්තානේ

කතරක් සේමා...



Previous Next

نموذج الاتصال