සේද මන්දිර සඳළුතල මැද
පිපුණාම සුවඳම මල්
ඒ මලේ සුව විඳිනු රිසි
මම විඳිනු කිම පරසතු නම්
විඳිමි සැනසෙමි ප්‍රේමයෙන්
දැවෙනා සිත අනුරාගයෙන්
මම වුවද මම නුඹ සඳකි දුර
නූපුර දැවූ ආලයෙන්
නොවේ නුඹ දැන් වාරකන්
හිඳිමි කඳුළක නෙත දොවන්
රාගයම නොම ප්‍රේමය වේනම්
අභිනික්මනට යමි ස්නේහයෙන්
සේද මන්දිර සඳළුතල මැද
පිපුණිදෝ සුවඳම මල්
මලක් නොම වෙමි විඳින්නට
අන්සතු සිතක පරවෙන්නම්