හිමි දේකටද ආශා හිත මේ නිතර අහනා
මහද පුරා ප්‍රේම කලා ආසම හීනෙ ඔයා
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා
හදවත කීතුවී ඉරුනානම්
නෙතු නොපෙනී සදා වැසුනානම්
හිත මේ වාගෙ දුක් වෙන්නෑ නෙ ඔබ හිංදා
මගෙ අඩුපාඩු මට කීවානම්
වැරදුනු තැන් හදාගන එහෙනම්
අද මේ වාගෙ වෙන් වෙන්නෑ නෙ අපි දෙන්නා
පිංතූරෙ තරම් හැඩකාර වුනත්
හැසිරීම කැතයි හරි නෑනේ
මනමාල හිතක් කියලා දැනිලත්
කෙරු ප්‍රේමෙ තමයි අපරාදේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා
හදවත කීතුවී ඉරුනානම්..//
එකපාර වෙනස් තනි තීරණගත්
ඔය හීනෙ බිදින්නෑ ඔබගේ
හිංසා නොකරන් දවසක් හරි මන්
ආදරය කලා පණ වාගේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා
හදවත කීතුවී ඉරුනානම්..//