සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
සඳපාන තියෙන රෑක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරි
ඔබත් කිඳුරු ළඳක් කියාලා....//
රැළි පිට රැළි පෙරළි පෙරළි
සුදු මුදුවැල් බැබළි බැබළි
නව සඳරැස් කැරළි කැරළි
අප අමතනවා....//
ඔන්චිලි චිලි චිල්ල මලේ
කිඳුරු රැඟුම් වැල්ල දිගේ
ඔබෙ අත අල්ලාගෙන මට යන්න හිතෙනවා
සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
සඳපාන තියෙන රෑක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරි
ඔබත් කිඳුරු ළඳක් කියාලා
ලස්සන හිරු කිඳුරු ලතා
රඟන ඔමරි ලලිත ලතා
ගීත සුරල් මියුරු කතා ඔන්න ඇසෙනවා....//
සඳ පායන වෙරළ පුරා
කිඳුරු ලඳුන් දුටු මනෙතින්
මට ඔබ අමතක වේදැයි බයත් හිනතනවා
සඳ කිඳුරු කිඳුරියන් ....