Numba Langa - Yohani

නුඹ ළඟ වියැකුණු ඒ මගෙ හැඟුමන්

මත් කරවන දෙනෙතග

රැඳුණා ඒ සුන්දර හද කැල්මන්

විසිරුණු මල් පෙති නොව යළි එක්වන්

රුදු රකුසකු වූ නුඹේ

සිතේ වුණිදෝ මා ගැන බැඳි ඇල්මක්


දුටු මුල් දින නුඹ හට බැඳි හිත

මාරක අපලය වී අද මට

දැල්වූ පන්දම් සිළු මැද මම

දැවුණා නුඹේ රාගී ගින්න මැද


දැවෙනා සිතෙනා

බැඳෙනා විලෙසා

නුඹ හා ගෙවෙනා

කාලය මට යළි නොයෙනා


නුඹ ළඟ වියැකුණු ඒ මගෙ හැඟුමන්

මත් කරවන දෙනෙතග

රැඳුණා ඒ සුන්දර හද කැල්මන්

විසිරුණු මල් පෙති නොව යළි එක්වන්

රුදු රකුසකු වූ නුඹේ

සිතේ වුණිදෝ මා ගැන බැඳි ඇල්මක්


තොල්පෙති සිඹ ඉලිපුණු ළැම අග

නතර වුණා පපුවේ මැද්දක

ආදරෙ නැති කාමයේ පලසක

මිලින කළා හත්පෙති මල අද


හැඟෙනා පෙමිනා

බැඳෙනා නොයනා

නුඹ හා ගෙවෙනා


කාලය මට යළි නොයෙනා

රූ මැද බැඳි හිතක්

මත් කරවන දෙනෙතග


රූ මැද බැඳි හිතක්

විසිරුණු මල්

රූ මැද බැඳි හිතක්

රුදු රකුසකු

රූ මැද බැඳි හිතක්


නුඹ ළඟ වියැකුණු ඒ මගෙ හැඟුමන්

මත් කරවන දෙනෙතග

රැඳුණා ඒ සුන්දර හද කැල්මන්

විසිරුණු මල් පෙති නොව යළි එක්වන්

රුදු රකුසකු වූ නුඹේ

සිතේ වුණිදෝ මා ගැන බැඳි ඇල්මක්


Previous Next

نموذج الاتصال