බිඳෙනා සුසුමන් පිරියම් කෙරුණූ
ගලනා කඳුළෙත් උණුහුම දැණුනූ
තැවෙනා හදකින් ගැලුවත් රුහිරූ
රිදෙනා තරමට, සොඳුරුව දිලුනෙත් ගැහැණූ
නිහඬ ඉකිබිඳුම් මුතු මාලයක ඇමිණූ
දැවෙන දුක්ගිනි
මදහසින් තෙමා නිවුණූ
ලොවක බර සියුමැළි උරින් දරති ගැහැණූ
සිහින ඉහිරෙනා තැන රිදුම් පිරිමැදුණූ
වැටෙන පැකිළෙන පයට වාරු වී බැඳුණූ
මියෙන තුරු පණ පොවන දිය බිඳිති ගැහැණූ