Mathaka Bankuwa - මතක බංකුව - Sithari Ameeliya ft Hansa Fernando

හමු නොවන්නට 

වෙන් නොවන්නට දිවුරා

කඳුලේ දුක සතුට තවරාලා

තුරුළු කරගන් සදා

උමතු උණුහුම බදා

දැවෙමි ආදරේ හිංදා //


මේ රිදුමන්

මහවැලියේ දිය කරලා

මතක බංකුවේ

කඳුළු අතුරමු රූරා

කවුරුවත් නැහැ

ඇස් අයාගෙන බලලා

හිතේ හැටියට 

විඳ නිවෙන්නට ඕනා

තුරුළු කරගන් සදා

උමතු උණුහුම බදා

දැවෙමි ආදරේ හිංදා //


ඉකිගා හැඬුමට

ළමැදේ ඉඩ මට ඕනා

මතක බංකුවේ  

රහස් ඇත සැඟවීලා

අඳුරේ පහසින් 

හාදු වැස්සක් දීලා

සමුදී යන්නම්

හමු නොවේවිද මංදා

තුරුළු කරගන් සදා

උමතු උණුහුම බදා

දැවෙමි ආදරේ හිංදා //


Previous Next

نموذج الاتصال