හමු නොවන්නට
වෙන් නොවන්නට දිවුරා
කඳුලේ දුක සතුට තවරාලා
තුරුළු කරගන් සදා
උමතු උණුහුම බදා
දැවෙමි ආදරේ හිංදා //
මේ රිදුමන්
මහවැලියේ දිය කරලා
මතක බංකුවේ
කඳුළු අතුරමු රූරා
කවුරුවත් නැහැ
ඇස් අයාගෙන බලලා
හිතේ හැටියට
විඳ නිවෙන්නට ඕනා
තුරුළු කරගන් සදා
උමතු උණුහුම බදා
දැවෙමි ආදරේ හිංදා //
ඉකිගා හැඬුමට
ළමැදේ ඉඩ මට ඕනා
මතක බංකුවේ
රහස් ඇත සැඟවීලා
අඳුරේ පහසින්
හාදු වැස්සක් දීලා
සමුදී යන්නම්
හමු නොවේවිද මංදා
තුරුළු කරගන් සදා
උමතු උණුහුම බදා
දැවෙමි ආදරේ හිංදා //