හිතින් අල්ලා ගත් ආදරේ....
බිඳුණු හදවත රිදෙනවා
බැඳුණු ඔබෙ හිත සොයනවා
ආදරේ තව තියෙනවා...
දැනෙන හින්දම සොයනවා...
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ....
මතක හදවත නිවනවා
හිතේ හැමතැන ඉන්නවා...
ආදරේ බව දන්නවා..
හිතින් ලඟබව දැනෙනවා...
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ....
ඉඳහිටක කවි ලියනවා..
ලියන කවිවල ඉන්නවා...
සුවඳ තාමත් දැනෙනවා...
ලඟ නැතත් ලඟ ඉන්නවා...
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ....
- ඩිලාන් දේවින්ද -