Kolam Natannata (කෝලම් නටන්නට) Nadeemal Perera

කෝලම් නටන්නට එපා නංගියේ 

මගේ තනි හිත් පල්ලේ

මහා සම්මත රාජ පදවිය

හැරදාලා මං ආවේ

නිදි පැදුරට ආවේ නිදියන්නයි

මේ මහ දවාලේ

කෝලම් නටන්නට එපා නංගියේ

මගේ තනි හිත් පල්ලේ


කදුරු ලීයක් වාගේ මෙලෙකට

තිබ්බ තනි හිත මගේ

නුබේ ආලයේ නියන් පහරින් 

කැටයම් කරපු දොහේ


නැටුම් නෑ දැන් කෝලම් නාඩගම්

මූනු ටික මම වික්කා රත්තරන්

මාසේ පඩි ඇති යුද්ද සෙනගට 

මාත් බැදෙනවා රත්තරන්

Previous Next

نموذج الاتصال