Thoththuva ( තොත්තුව ) - Sanjeew Lonliyes

රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ් ////


තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවා

අද රෑ ඩිනර් එකත් නැගලම යනවා

හිඳෙනවා හිඳෙනකොටත් සතේටම ඔයා

තියෙනා දාට අපිත් හඳ අල්ලනවා…


තනියම පාරෙ යද්දී හීන මැවෙනවා

හදවත අපිත් එක්ක කතාකරනවා

ඈතට වෙලා ඉන්ඩ එපා හැන්ගිලා

ෆන් එකෙ ඉමුකො සල්ලි බල්ලට දාලා


Benz BMW ගන්ඩ හිතෙනවා

අරගෙන ලෝකෙ වටේ යන්ඩ හිතෙනවා

ලොකු ලොකු හීන අතර හිත කැරකෙනවා

තියෙනා චැලිය අපිට හුඟක් වටිනවා…


පාගලා යන්ඩ හැටට කෙල්ල එක්කලා

එක එක වන්ඩි පාරෙ යද්දී හිතෙනවා

බස් එකෙ පිටිපස්සෙම මුල්ලකට වෙලා

එයා එක්ක යද්දී මචන් සැපකනේ තමා


පිටරට සුද්දාවගේ බ්ලේසර් දාලා

ටයි එක බැඳලා බ්‍රෑන්ඩ් ඇඳුම් අඳිනවා

ශොටයි බාටා දෙකයි ඇතුලෙ හැංගිලා

ගන්නා සැප නෑ ඒ බ්‍රෑන්ඩ් එක්කලා


ලොකු ලොකු හෝටල් වල බුෆේ දානවා

එනමුඳු අම්මගෙ බත් කට රස වෙනවා

කොහෙහරි අපිට නින්ද ගියත් වැඩිවෙලා

ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා


Previous Next

نموذج الاتصال