හුස්ම වැටෙනා ඇසිල්ලේ
මා ඔබ සොයා එමි නිදැල්ලේ
තබාගෙන ඔබෙ තුරුල්ලේ
නලවන්න ඔබෙ හද තොටිල්ලේ
කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි මගෙ රත්තරං //
සඳේ සාවිය විලසටා
ගුලිවෙන්න මට ඔබේ තුරුලටා
නිශාවේ ඇති සරා සඳ වී
එළිය දෙමි ඔබෙ දිවියටා
කියනු මැන තුරුලට අරන් //
මා දකින හැම සිහිනයේ
ඇසිපිය හෙලන හැම වාරයේ
අතින් අල්ලන් තුරුළු වී අපි
ඇවිද යමු සංසාරයේ
ඔබේ ලෝකයෙ රැඳෙන්නම්
ඔබ භවෙන් භවයේ පතන්නම්
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්
කියනු මැන තුරුලට අරන් //