කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
කිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී
ඉඩම් කඩම් පවුල් උකස් තියලා සූදු අස්සේ
මුළු සේසතම අරගෙන ගෘහ මූලිකයින් බැස්සේ
පාර අයිනෙ දවස ගානෙ දිග පෝලිම් දැක්කේ
තැබෑරුමට පුදපු සල්ලි කාවද බං රැක්කේ
උන් දන්නේ නැහෙන්න
ලෝකෙ හැල්මේ දුවන්න
කාටවත්ම ඕනේ නෑ අද්විතීය වෙන්න අද කාලේ
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්…
සද්දෙට අඩිය තියන්නත් බයයි හිත් පෑරෙයිද
දිලූ අපිට ගෙදර යන්න රෑ වෙයිද
එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්
ඉමා පොඩි ඉඩක් දියං මට
මේක කියන්නම ඕන කතාවක්
ඇමති පුතු ජපානෙ අට පාස් කොල්ලා ලැග්ගෙ ගරාජෙ
වත්කම් දැක්කම දෙකට නැවෙනවා ඔන්නෝකයි තත්වෙ අද සමාජෙ
නහින දෙහින කාලේ ඉරිසියාව මොටද රාලේ
උඹට වදන් දෙන්න දාහක් දෙනා ඇති ඒත් අත දෙන්න ඉන්නෙ එකයි
ඌව රැකපං මචං අනුන්ගේ ගෑස් හරි ගණන්
රෑ වැටුණ වලේ දවාලෙත් වැටෙන්නෙපා ගිහින් අහක බලන්
පරම රමණී හේ..
කියාන ආදරේ ළඟදි හේ..
පුතාණො කෙල්ලන්ට නැවෙන නැවිලි දැකලා
අම්මට හිනා ගියේ හේ..
බොරුව දැන් ඇති නේ
බිමට එන්න කල් හරි වගේ
ලෝකෙට පෙන්නන මූණ තරම් කාගෙවත් හිත
සුන්දර නැහැ නේ හේ..
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් //