මේ පිරිමි පපුවේ | Me Pirimi Papuwe - Ashan Fernando ft. Dilki

මේ වස්සාන සිහිනය පුරා

පෙම් හොරෙක් රහසේ අඩි තියා

මහ රෑ තිස්සේ හිරිහැර කළා

මගේ උන්මාද පෙම ඇහැරවා

ඔබෙ සෙවණට වෙලා දිවිතුරා

ඉන්නම් ඔබට ඇප කැප වෙලා


හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ

ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ

ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ

ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ…


පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ

හැඟුම් කිති කැවුණා නිස්කාරණේ

මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ

නෑ පෙම උපන්නේ සංසාරයේ

පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා

උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා


හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ…

Previous Next

نموذج الاتصال