ඔබ හමුවන තුරු මා උන්නා
ඔබ එන මඟ මං බලා උන්නා //
ආකහේ නිල් තාරුකා
රෑ ඔහේ දිලුනා
සඳ නුබේ අද නැති නිසා
මං පාළුවේ උන්නා
ආදරෙන් ළංවී
හාදුවෙන් මත් වී
මා සිතේ හැංගී
මතකේ පුරා දිව්වා
ජීවිතේ පව් දී
වේදනා දැල්වී
කඳුලින් දෙනෙත් තෙත් වී
හද රික්තයක් වූවා
සුසුමක් තියා යන්නා
හිඩසක් මවා යන්නා
මට ආදරේ දුන්නා
දුන් ආදරේ ගත්තා….යළි