පවනැල්ලේ අඳුරේ හසරැල්ලලේ නැහැවීලා
දේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරලා
සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උන්මන්තක සෙනෙහේ මා හැරගියා….
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉරහඳ අරන් ආවත් මට එපා
රෑ පුරාම හදවත ගැස්මේ තිබ්බ ඒ
මේකලාව බිඳුණම කෝ ඔබේ ආදරේ…
ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුසුමේ
මා යලි උපදිම් මා යලි පිබිදෙම්…
සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උන්මන්තක සෙනෙහේ මා හැරගියා….
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා…