කොහෙ යන්නද මා | Kohe Yannada Maa - Amelia Wijesooriya

නුඹ එනනක් මං මග බලමින් ඉන්නේ

ඔයා හැමදාමත් බොරු කරමින් ඉන්නේ

වෙන ආදරයකදෝ පැටලී ඉන්නේ

මගේ ජීවිතයෙම නුඹ විතරයි උන්නේ


මට ආදරේ බව දිවුරා පවසන්නේ

මං දන්නවා බොරුවට දිවුරන්නේ

මේ ඇස් ගිනියම් වී උතුරා යන්නේ

ඔයා ඇයි මට මේතරමින් රිදවුම් දෙන්නේ


කොහෙ යන්නද මා

අනේ දන්නේ නෑ මා

නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා //


ඔය රුවමයි මගෙ ලෝකෙම දිස්වන්නේ

ඔය උනුහුම විතරයි ගත ඉල්ලන්නේ

ඔය ඇස් දෙක විතරයි මං අදුරන්නේ

අනේ මං කොහොමද තව ජීවත් වෙන්නේ


රෑ එලිවෙනකල් මග බලමින් ඉන්නේ

සද තරු පමණයි මගේ තනියට උන්නේ

වෙන බබරුන් මං අල්ලන්නට එන්නේ

වෙන හදකට නෑ මේ හිත ඉඩ දෙන්නේ


කොහෙ යන්නද මා //

අනේ දන්නේ නෑ මා //

නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා //

Previous Next

نموذج الاتصال