පිනි බිඳු | Pini Bindu - Yuki Navaratne

පිණිබිඳු එක එක දෝරේ ගලනවා

බත්කූරෝ අද නුඹ හිරවෙනවා

පිණිබිඳු එක එක දෝරේ ගලනවා

බත්කූරෝ අද නුඹ හිරවෙනවා

පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා

මහ වැස්සක අවසානේ……..


දොරකඩ පඳුරු පැලේ

කවුදෝ ඉකිබිඳිනවදෝ

පළගැටියෝ නුඹ දෝ ඉන්නේ

මගෙ තනියට නුඹ ඉන්නවනේ

දොරකඩ පදුරු පැලේ……..


එළිපාපිස්සේ වැලිකැට පිරිලා

මැටිපඩියේ අග කඩතොළු වීලා

එළිපාපිස්සේ වැලිකැට පිරිලා

මැටිපඩියේ අග කඩතොළු වීලා

තණබිස්සේ මහ කොළරොඩු වැටිලා

වියු පොල්අතු වහලේ

දැන් වියැළීලා


දොරකඩ පඳුරු පැලේ

කවුදෝ ඉකිබිඳිනවදෝ

පළගැටියෝ නුඹදෝ ඉන්නේ

මගෙ තනියට නුඹ ඉන්නවනේ

දොරකඩ පඳුරු පැලේ

Previous Next

نموذج الاتصال