අවාරයේ ප්‍රේමය | Awaraye Premaya - Tharindu Damsara

යුම් ඉරි ගිය තුරුණු ළය මත

රිදෙන තැන් මිය ගිය ද ප්‍රේමෙන්

නුඹේ මතකෙන් තෙමීයයි නෙත

තිමිර සෘතුව නිමා කරමින්


කලින් සෘතුවේ අපි රැඳුණු තැන

මතක මල්පෙති බිමට ඉසිමින්

අවාරයේ පිපි මලට ලං වී

සුවඳ විඳගනු සිනා සලමින්

මේ වසන්තයෙ දී


සඳට ලං වී තනි මැකූ තරු

කඩා වැටෙනා දිනෙක අහසින්

සුසුම් කැටියම සඟවමින් ඉඳ

පිරිමි හිතකට හෙලනු රහසින්

මේ වසන්තයෙ දී

Previous Next

نموذج الاتصال