කාල රේඛා | Kala Reka - Kanchana Anuradhi

නිමාවූ සෘතුවන්, පහුකරන් එදා

නොවේදෝ නිම්නයක්, මගහැරීලා ගියා

නොතේරේ ආ දුරක්, මාරුතේ මං හොයා

නිමාවක් නොවු නුඹත්,අල්තාරේ ලඟ මෙදා


හිමිකමක් නොලියා

හමුවන්න පේ වීලා

වේදනාවේ මගහැරුනු මං

හොයා…මා


හිමිකමක් නොලියා

අහිමි හිතක නුඹ නොතියා ….

කාල රේඛා මකාලන්න

සැරසෙනා …මා..

එනවා…


නොනිම් නැති තාරකා ආකහේ සැඟවිලා

නොදන්වයි කාරනා හිතන්නට ඉඩ තියා

නිශාකර නොමතිදා කලත් එලි සැරසිලා

නුඹත් ඒ තාරකා වගේ කල් මියැදිලා


හිමිකමක් නොලියා…//

Previous Next

نموذج الاتصال