හිමි නැති ආදරේක | Himi Nathi Adareka - Raveen Tharuka

මංමාවත් පාලුවේ ගිලිලා

නුඹ මා නැවතූ

තනිකම රිදවාන යළි දැනුනා

සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා

නොම ඒවි සැනසූ

නිල් නෙතු නොගැටේවි යළි කිසිදා


නොදකින වාරේ පාසා 

නෙතු මානෙන් නුඹ දුර නිසා

මතකෙම පීරා බැලුවා 

නුඹ එහි නෑ සිතුවම් වෙලා

මොහොතක් නැවතී රැඳුනා

හද පත්ලේ කිමිදී මෙමා

කඳුලැලි නොදොඩා වැටුනා

නුඹ හද මානෙත් නෑ මෙදා


හිමි නැති ආදරේක හීලෑ නැතුව මා

නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා

මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා

නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා


හදක බැඳුනාම ආලේ

යන්න හැකිවේද ආයේ

නොදැනුණා සේ හදින් මකා දමා

මතක පුරවාපු කාලේ

එන්නේ නැතිවේද මාගේ

කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා


වියැකිලා හීන කඳුලේම ගිලිලා

මියැදිලා ආදරේ මගෙ හිතින් මා


නොදකින වාරේ පාසා…


හිමි නැති ආදරේක හීලෑ නැතුව මා…

Previous Next

نموذج الاتصال